මෙතෙක් නිදහස් නොකළ කිලිනොච්චිය පරවිපාන්චාන් ජනතාවගේ අක්කර 13ක ඉඩම් කඩිනමින් නිදහස් කරන බව නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.
අද (18) දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූ අමාත්‍යවරයා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පරවිපාන්චාන් ජනතාව හමුවූ අවස්ථාවේ මෙ බව පැවැසීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පරවිපාන්චාන් ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණය සම්බන්ධයෙන් පසුගිය මාස දෙකකට පෙර ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබුණි. ඒ අනුව අක්කර 4ක ඉඩම් නිදහස් කෙරුණි. තවත් අක්කර 13ක ඉඩම් නිදහස් කිරීමට නියමිතය, ඒ ගැන ද ලිපියක් යොමු කර තිබේ. කඩිනමින් එම නිදහස් කරදීමට කටයුතු කරනවා, නමුත් එයට නිශ්ෂිත කාලයක් සඳහන් කිරීමට නොහැකි බව පවසා සිටි අමාත්‍යවරයා තමන් ජනාධිපති නොවන බවත් ජනාධිපති ලෙස සිටියේ නම් අදම එම මෙම ඉඩම් නිදහස් කර ජනතාවට ලබා දෙන බව ද පැවැසීය.
පවුල් 35කට අයත් අක්කර 13ක ඉඩම් තවඳුරටත් හමුදාව සතුව තිබෙන බවත්, එය කඩිනමින් නිදහස් කර ජනතාවට ලබාදිය යුතු බවත්, නැතිනම් තමන් යළි උද්ඝෝෂණය ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පරවිපාන්චාන් ජනතාව අමාත්‍යවරයා වෙත පවසා සිටියෝය.
මේ අතර, පරවිපාන්චාන් ජනතාවගේ ඉඩම් තවත් සති දෙකකින් නිදහස් කරන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ලබාදුන් පොරොන්දුවට අනුව ඊයේ බදාදා දින පරවිපාන්චාන් ජනතාව තම උද්ඝෝෂණය අවසන් කර තිබීම විශේෂත්වයකි.
– ග්ලෝබල් දෙමළ පුවත් –
Add Comment