SRILANKAN NEWS

ත්‍රස්තවාදය තුරන් කළ රණවිරුවන්ට දඩුවම් දෙන්න ඉඩ දෙන්නේ නෑ – චන්ද්‍රිකා කුමාරතුංග

රටේ ත්‍රස්තවාදය තුරන් කර රට බේරාගත් රණවිරුවන්ට දඞුවම් දීමට ඉඩනොදෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඊයේ (25) දින පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසා තිබේ.

උතුර නැගෙනහිර පළාත්වලට හමුදාව යටතේ තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කර ඇති බවත්, නිදහස් කිරීමට ඇත්තේ තවත් ඉඩම් කිහිපයක් පමණක් බව ද ඇය පවසා තිබේ.

අතුරුදන්වූවන් ගැන අතුරදන්වූවනගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ ඔවුන් අතුරුදන්වූයේ කෙසේදැයි යන තොරතුරු හැර හමුදාවට දඞුවම් ලබාදිය යුතු බවට නොවේ, යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදීම සිදු කරන අතර රණවිරුවන්ට දඩුවම් ලබාදීමට වත්මන් රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත්, දෙමළ ඩයස්පෝරාව ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ද පවසා තිබේ.