විග්නේශ්වරන්ගේ ක්‍රියා කටයුතු මෝඩයි.. – රන්ජන්

Ranjan උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කටයුතු මෝඩකමක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා චෝදනාකර තිබේ.

විග්නේෂ්වරන් මහතාට අවැසි ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය කිසිවිටෙක සූදානම් නැති බව ඔහු පවසා තිබේ.

ඉරණමඩු බුද්ධ ප්‍රතිමාව ඉදිරිකිරීම වහා නතර කරන්නැයි ඉල්ලා උතුරු පළාත් සභාව ඉකුත් දා ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත් යෝජනාව පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඉරණමඩු කියන්නේ ද්‍රවිඩ ජනතාවගේම පළාතක්‌ කියලා සිතන එකත් ඔවුන්ගේ මෝඩ කමක්‌. පළාත් සභාවේදී යෝජනා සම්මත කළාට ඒවා එහෙම ක්‍රියාත්මක කරන්න බලයක්‌ ඔවුන්ට දීලා නැහැ. මහ ඇමැති විග්නේෂ්වරන්ට ඕනෑ විදිහට නටන්න දීලා අපි රජයක්‌ හැටියට බකන්නිලාගෙන ඉන්නේ නැහැ. මීට ප්‍රථමත් උතුරු පළාත් සභාවේ අය ප්‍රභාකරන්ගේ පිළිරූ හදන්න උත්සාහ කළා. ඒත් ඒවා උතුරේ ජනතාව අතර ජනප්‍රිය වෙන්න දඟලපු දැඟලිලි පමණක්‌ම වුණා යෑයිද රාමනායක මහතා පවසා තිබේ.

හමුදාව ඉරණමඩුවල බුද්ධ ප්‍රතිමාව හදන්නේ රජයේ ඉඩමක. ඉඩම් හා පොලිස්‌ බලතල තියෙන්නේ අපේ රජය යටතේ. මේක සියයට හැත්තෑවක්‌ බෞද්ධයන් ජීවත්වන රටක්‌ බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top