පසුගිය රජයත් ජිනීවා පොරොන්දු දුන්නා – පී. හැරිසන්

Harrisonඅතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, පෙර පැවති රජය විසින් පිහිටුවීමට නියමිතව තිබූවක් බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබේ. ඔහු පවසන්නේ පසුගිය රජය විසින් ජිනීවා සමුළුවේදී ඊට අදාළ පොරොන්දුවක්ද ලබාදී තිබූ බවයි.

නමුත් අද එම කාර්යාලය පිහිටුවීමට ඔවුන් විරුද්ධවීම පදනම් විරහිත බව ඒ මහතා පෙන්වා දී තිබේ. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පී. හැරිසන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

– adaderana.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top