ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය තීරණය කරයි..

ජාත්‍යන්තර මුහුදේ දී අල්ලාගන්නා මසුන් පිළිබඳව නිවැරදි දත්ත සටහන් කරගැනීමට අවශ්‍ය පුහුණුව මෙරට ධීවරයන්ට ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී නිශ්චිත සටහන් යෙදීම සඳහා ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය තීරණය කර ඇති බව එම අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් මත්ස්‍ය තහනමක් පැනවීමට මූලික කරුණක් වුයේ ද ජාත්‍යන්තර මුහුදේදී අල්ලාගන්නා මසුන් පිළිබඳ නිවැරදි දත්ත සටහන් ඉදිරිපත් නොකිරීමය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top