වව්නියාව බන්‍ධනාගාරයේ රැඳවියෙකු මරුට..

වව්නියාව බන්‍ධනාගාරයේ රඳවා තබා සිටි රැඳවියෙකු මිය ගොස් තිබේ. මෝටර් රථයකට අලාභහානි සිදු කළ සිද්ධියකට අදාළව සැකපිට අත්තඅඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතව සිටි පුද්ගලයකු මෙලස මියගොස් තිබේ.

සැකකරු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණි. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මිය ගොස් තිබේ.

මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top