ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් තුළ පිළිස්සුම් තුවාල සහිතව වැටී සිටි කාන්තාවක් මියගොස් තිබේ.
එම නිවසේ ගෘහ සේවයේ යෙදී සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල සහිතව නිවසේ නානකාමරය තුළ ඇද වැටී සිට ඇති බව පොලීසිය පැවසුවේය.
පසුව ඇය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවකි.
අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී නානකාමරය තුළ තිබී ලාම්පුතෙල් බෝතලයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.