දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස් අතර සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් යෑම සහ එය කඩිනමින් පැවැත්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් සියලු දෙනා හෙට (29) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් හා නිලධාරීන් සියලුදෙනාත් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නියෝජිතයනුත් මෙම අවස්‌ථාවට සහභාගිවීමට නියමිත අතර ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය හා මැතිවරණවලට අදාළ කරුණු කිහිපයක්‌ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top