SRILANKAN NEWS

යාපනය විශ්ව විද්‍යාලයෙහි සෞන්දර්ය කලා පීඨයේ සිසුන් 13කට පංති තහනමක්..

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් 13 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්ව විද්‍යාලයේ පරිපාලනය තීරණය කර තිබේ. කලා පීඨයේ පිළිගැනීමේ උත්සවයට පෙර දින රාත්‍රීයේ සිඳු වූ කලහකාරි තත්වය සම්බන්‍ධයෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවැසේ.

පසුගිය 18 වනදා යාපනය විශ්ව විද්‍යාලයේ පැවැති පිළිගැනීමේ උත්සවය සඳහා වූ පෙර සූදානම් කටයුතුවලදී සිසුන් කිහිප දෙනෙකු විසින් විශ්ව විද්‍යාලයේ දේපළවලට අලාභහානි සිදුකළ බවට චෝදනා එල්ලවී තිබේ. අනතුරුව යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් විසින් ඉකුත් උත්සවය අවලංගු කර තිබූ නමුත් එය නොතකා සිසුන් විසින් උත්සවය පවත්වා තිබුණි.

අනතුරුව කලා පීඨයේ තවකාලිකව වසා දැමූ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශණය කළ විශ්ව විද්‍යාලයෙහි පරිපාලනය සිද්ධියට සම්බන්‍ධ සිසුන් 13 දෙනෙකුට තාවකාලික පංති තහනමක් පනවා ඇති බවත්, කලා පීඨයේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.