පැහැරගෙන යෑම් සහ ඝාතන සිද්ධීන් රැසකට භාවිතා කළ වෑන් රථයක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීම සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ඇතුළු අපරාධ රැසකට භාවිත කළ බවට සැක කෙරෙන වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි..

කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන යුද හමුදා මේජර් බුලත්වත්ත නැමැත්තාට හිතවත් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ සන්තකයේ තිබී මෙම වෑන් රථය සොයාගත් බවද පොලීසිය අද (29දා) නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.

වෑන් රථය සොයාගෙන ඇති බවත් එය අපරාධ රැසකට යොදාගෙන ඇති බවද එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top