කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට අද(29) දිනයේ පෙරවරු 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ සහ රත්මලාන ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top