රවිරාජ් ඝාතනයට සම්බන්‍ධයෙන් නිදහස් කළ තිදෙනා සොයන්නයි නියෝග

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට සම්බන්‍ධව චෝදනා ලබා නිදොස් කොට නිදහස් කළ තිදෙනාව යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඉකුත් නඩුව සම්බන්‍ධයෙන් චෝදනා ලැබූ හය දෙනාගෙන් එක් අයකු මියගොස් ඇති අතර, දෙදෙනෙකු අධිකරණ හමුවට ඉදිරිපත්වී නොසිටියහ. අනෙකුත් තිදෙනාව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණි.

මෙවැනි තත්වයකදී මියගිය රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (28) දින කැඳවා තිබුණි. එහිදී වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති නිදහස් කෙරුණු තිදෙනාට නොතීසි භාරදීමට නොහැකි තත්වයක් පවතින බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මෙම සැකකරුවන් සිටින්නේ කොහේද යන්න පිළිබඳ සොයා බලා අධිකරණයට කරුණු දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකට අධිකරණය විසින් නියෝග කළ අතර, පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන ජූනි මස 19වනදා දක්වා කල් තබා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top