මහින්දානන්දට එරෙහිව නීතිපති නඩු පවරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ රුපියල් ලක්ෂ 39 ක මුදලක් වංක ලෙස භාවිතය, සාවද්‍ය පරිහරණය හා සාපරාදී විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ යි.

මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නියෝග කළේ, අලුත්ගමගේ මහතාට මැයි මස 22 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top