උතුරේ හමුදාව අත්පත්කරගෙන සිටින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට කඩිනමින් පියවර ගත යුතුයි

උතුරේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ජනතාවගෙ ඉඩම් නිදහස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ සම්බන්‍ධන් මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව පැවැසේ. එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, හමුදාව යටතේ තිබෙන ජනතාවට අයත් ඉඩම් සියල්ල නිදහස් කරන බවත්, එම ඉඩම් නිදහස් කරන්නේ කවදාද යන කාරණාව ප්‍රශ්ණයක් බව පවසා සිටි බව වාර්තාවේ.

තවද විපක්‍ෂ නායකවරයා මේ සම්බන්‍ධයෙන් හමුදාපති සමඟ ද සාකච්ඡා කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top