කොටි සංවිධානයට එරෙහි යුද්දයේදී සහාය ලබාදුන් බව ඉන්දිය නාවික හමුදාව පිළිගනී..

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්දයේදී සහාය ලබාදුන් බව ඉන්දිය නාවික හමුදාව පිළිගෙන තිබේ. මේ සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කළ ඉන්දිය නාවික හමුදාවේ ප්‍රධානි සුනිල් ලාන්බා (Sunil Lanba) මහතා, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවැති යුද්දයේදී ශ්‍රී ලංකා හමුදාවට සහාය ලබාදුන් බවට වක්රව පවසා තිබුණි.

ඉන්දිය නාවික හමුදාවට අයත් ටී.යූ. 142 වර්ගයේ ඔත්තු බලන ගුවන් යාපනය, ශ්‍රී ලංකා ගුවනේ සැරිසරුනු බව පවසා තිබුණි. කෙසේ නමුත් මේ සම්බන්‍ධයෙන් ප්‍රශ්ණ කළ විට, කොටි සංවිධානයට එරෙහි යුද්දයේදී සහාය ලබාදුන් අර්ථයකින් තමන් එය නොපැවසූ බවත්, ඉන්දිය සාම හමුදාව ශ්‍රී ලංකාවේ කටයුතු කිරීම ගැන පවසා සිටි බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top