කුමාර් ගුණරත්නම්ට රජයෙන් සහනයක්

පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසිකර ගැනීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්‌කෘතික කටයුතු ඇමැති එස්‌. බී. නාවින්න මහතා පවසයි.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට නම් කුමාර් ගුණරත්නම් මහතා අනිවාර්යයෙන්ම ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය නීත්‍යනුකූලව අහෝසිකරගෙන ඒ බව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දිය යුතුයි. ඉන් අනතුරුවයි කුමාර් ගුණරත්නම් මහතාට පුරවැසිභාවය ලබාදීමට හැකි වන්නේ. නමුත් ගුණරත්නම් මහතා මේ වනතුරුත් තම ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසි කරගෙන නැහැ.

එම නිසා තමාට පැවරී ඇති බලතල අනුව කුමාර් ගුණරත්නම් මහතාට ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසිකර ගැනීමට කාලය ලබාදෙන බවද ඇමැතිවරයා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top