ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදීමට කටයුතු කරන ලෙස අගමැති. රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති එම මැයි රැලිය සඳහා අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් සපයන ලෙස ද අගමැතිවරයා උපදෙස් දුන් බව සඳහන් වේ.
ඒකාබද්ධ විපක්ෂයට මුළු ගෝල්ෆේස් පිටියම අවශ්‍ය වන්නේ නම් එයද, ඊට අමතරව, ආරක්ෂාව, පානීය ජලය, ජංගම වැසිකිළි පහසුකම් ද ලබා දෙන්නැයි ද අගමැතිවරයා උපදෙස් දී තිබේ.
එම පිටිය අවට මාර්ග වසා දමමින් හෝ කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට ආරක්ෂාව සඳහා ඉල්ලා සිටින පරිදි පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ද අගමැති වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
මැයි රැලිය ගෝල්ෆේස් පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසකට ඒකාබද්ධ විපක්ෂ නායකයන් හමුවන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
Add Comment