ශ්‍රී ලාංකිකයකු නවසීලන්තයේදී රිය අනතුරකින් මරුට

නවසීලන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

අංක 01 අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 04 කණුව ආසන්නයේ මෝටර් රථ දෙකක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව එරට පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරින් එක් මෝටර් රථයක රියදුරෙකු මියගොස් ඇති අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු වන ගාමිණි විතානගේ බවට හඳුනාගෙන ඇති බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් තුවාල ලැබූ අනෙක් රියදුරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top