SRILANKAN NEWS

සයිටම් එරෙහි වැඩ වර්ජනය ගැන අවසන් තීරණය අද

සයිටම් ආයතනට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති වැඩ වර්ජනය පිළිබඳව අද (3) දිනයේ අවසන් තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ අද (3) පෙරවරුවේ රැස්වන විධායක සභාව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.