SRILANKAN NEWS

තිස්ස අත්තනායකට විදේස් ගතවීමට අවසර

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර තිබේ.

ජනපතිවරණ සමයේදී පොදු අපෙක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් කූඨ ලේඛණ සැකසීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

අප්‍රේල් 10 සිට 28 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාට යාමට අවසර ලබාදෙන ලෙස අත්තනායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත මුදාහරින ලෙස නියෝග කර තිබේ.