නිවාස නැති නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණය විසඳීමට සහාය ලබා දෙන්නැයි නැ. මහ ඇමැති සජිත්ගෙන් ඉල්ලයි..

නැගෙනහිර පළාතේ නිවාස නැති ජනතාවගේ ප්‍රශ්ණය විසඳීම සඳහා සහාය ලබා දෙන්නැයි නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබේ.

යුද්දය හා ස්වභාවික විපත් හේතුවෙන් නැගෙනහිර පළාතේ නිවාස අහිමිවූ විශාල පිරිසක් සිටින බවත්, ඔවුන්ට නිසි විසඳුමක් ලබාදීමට ඉදිරිපත්විය යුතු බව නැගෙනහිර මහ ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

ත්‍රිකුණාමලයදී පැවැති උත්සවයකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

නැගෙනහිර පළාතේ නිවාස පහසුකම් හා නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා පහසුවෙන් ආධාර ලබාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය ගැන ද නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා විසින් එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top