යාපනයේ අවතැන්වූවන් මෙම වසර අවසන්වීමට පෙර නැවත පදිංචියට

DM_CIයාපනයේ අභ්‍යන්තර අවතැන්වූවන් මෙම වසර අවසන් වන විට නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව පවසා තිබේ. මීට පෙර මෙම අභ්‍යන්තර අවතැන්වූවන් මෙම මාසය අවසන් වන විට පදිංචි කරන බවට පවසා තිබුණි.

කෙසේ නමුත් දැන් එම කටයුතු මෙම වසර අවසන් වීමට රෙප සිදුකරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.

යාපනය ප්‍රදේශයේ පවුල් 936ක් අභ්‍යන්තර අවතැන්වූවන් වන අතර ඔවුන්ට නිවාස ලබාදීමට අදාළව කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. තවත් නිවාස 104ක් පලාලි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම නිවාස ඔක්තෝබර් මාසය අවසන් වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top