වවුනියාවට වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

වවුනියාව මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිනි.

මාමඩුව ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර ගන්නා ලෙස තමා වෙත උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ  බවත්  යුද්ධය හේතුවෙන් වන්නිකරයේ ආබාධිත වූවන් 45,000 ක් ජීවත් වන අතර ඔවුන් වෙනුවෙන් මාන්කුලම් ප්‍රදේශයේ පුනරුත්ථාපන රෝහලක් ඉදිකිරිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා උතුරු පළාත් සභාවෙත් සහයෝගය ලබාදෙන බව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇති බවත්  ආබාධිත පුද්ගයින්ට සියලු පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතු බවත් සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

වවුනියාව ප්‍රදේශයේ වකුගඩු රෝගීන් 1800 ක් ජීවත් වන බව පෙන්වා දුන් ඒ මහතා  ඔවුන්ගෙන් සියයට 60 ක් ජීවත් වන්නේ වවුනියාව දකුණ ප්‍රදේශයේ බව ස සඳහන් කළේය.

වකුගඩු රෝගයට බලපා ඇති හේතු සොයාබැලීම සඳහා පර්යේෂණාගාරයක් ඉදිකිරීමට පිියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා යුරෝපා සංගමයේ සහයෝගය ලැබෙන අතර වකුගඩු රෝගයට බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර කඩිනම් කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top