පාර්ලිමේන්තුව දිනකට කල් තබයි

විවාදයකට අදාළව කාලය වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනට කල්තැබීමට කථානායකවරයා තීරණය කර තිබේ.

කාලය වෙන් කිරීම ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම සිදු කළේ ය. පක්ෂ නායකයන්ගෙන් නොවිමසා කාලය වෙන් කිරීමක් සිදු කළ නොහැකි බව කතානායකවරයා විසින් සභාවට ප්‍රකාශ කළේ ය.

සභාවේ කටයුතු මෙලෙස සිදු කළ නොහැකි බව සභානායක අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ප්‍රකාශ කළ අතර සභාවේ කටයුතු කල්තබන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව සභාව හෙට දිනට කල් තැබීමට කථානායකවරයා තීරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top