SRILANKAN NEWS

සීමා නිර්ණ පිළිබඳ ගැසට් නිවේදනයේ දෙමළ පිටපත මෙතෙක් ලැබී නැහැ

මැතිවරණ කොමිසම වෙත ලැබී ඇත්තේ සීමා නිර්ණ සමාලෝචන කමිටුවේ ගැසට් නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පමණක් බවත් එහි දෙමළ පිටපත මෙතෙක් ලැබී නැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කලේ ගාල්ලේ පැවති උත්සවයක් අමතමිනි.

පළාත් පාලන ඡන්දය කල් දැමීමට හේතු කවරේදැයි මාධ්‍යව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා “අපි ඕනෑම වෙලාවක පළාත් පාලන ඡන්දය තැබීමට සුදානම්. නමුත් මුලික ප්‍රශ්නය වෙලා තියෙන්නෙ අපිට පළාත් පාලන අමාත්‍යාංශයෙන් ගැසට් නිවේදනය කොට්ඨාශවල සීමා මොනවා ද කියන එක අවශ්‍යයි. ඒ ඒ සභාවල සභික සංඛ්‍යාව කාන්තා නියෝජනය සම්බන්ධ ගැසට් නිවේදනය අවශ්‍යයි.

පනතේ තිබෙන සංශෝදන අවශ්‍යයි. මම දන්න විදියට පනතේ සංසෝදන තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලත් නැහැ. අන්තර්ජාලයට ගැසට් නිවේදනය දැමීම ප්‍රමාණවත්ද කියල මම දන්නේ නැහැ. අපිට ඇවිත් තියෙන්නේ ගැසට් නිවේදනයේ සිංහල – ඉංග්‍රීසි පිටපත් පමණයි.

ඡන්දය ප්‍රමාද වෙනවානම් එය උතුරේද දකුණේද කියා ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්.” යැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.