එ.ජා. නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත යුතුයි – ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනයේ මහ ලේකම් සාලීල් ෂෙට්ටි මහතා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ප්‍රගතියක් සටහන්වී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකාවට වසර දෙකක කල් දිගුවක් ලබාදී ඇති බවද පවසා තිබේ.

එම කාල වකවානුව ශ්‍රී ලංකා රජය නිසිලෙස ප්‍රයෝජනයට ගත යුතු බවත්, අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය ක්‍රියාත්මක කිරීමට ද රජය පියවර ගත යුතු බව අවධාරණය කර තිබේ.

අපරාධ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් වගවීම, හමුදාකරණය, උතුර ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම, ඉඩම් ප්‍රශ්ණයට විසඳුම් ලබාදීම ඇතුළු කරුණු කෙරෙහි ද රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top