කල්කුඩා මත්පැන් ස්කාගාරය වහාම නවතා දැමිය යුතුයි

මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේ ඉදිකරමින් සිටින මත්පැන් ස්කාගාරය වහාම නවතා දැමිය යුතු බව සමස්ත ලංකා ජමියතුල් උලමා අයතනයේ කල්කුඩා ශාඛාව පවසයි.

ජනතා විරෝධය නොසලකා කිසිදු අනුමැතියකින් තොරව තවදුරටත් කල්කුඩා මත්පැන් ස්කාගාරයේ වැඩකටයුතු සිදුකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා අයතනයේ කල්කුඩා ශාඛාව විසින් පසුගිය 4 වනදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.

එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ මත්පැන් වෙළඳසැල් 32කට බලපත්‍ර ලබාදී තිබේ. එය මෙහි ජන ප්‍රතිශතයට වඩා වැඩිය, අනෙකුත් දිස්ත්‍රික්කයන් අතර සසඳන විට මඩකළපුව දිස්ත්‍රික්කයේ මත්පැන් භාවිතාව ඉහළ ගොස් තිබේ. සියළු ආගම්වලින් මත්ද්‍රව්‍ය භාවිතාව පාප ක්‍රියාවක් ලෙස දේශනා කරන අතර, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත්ද්‍රව්‍ය භාවිතාව මෙරටින් තුරන් කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.

එමෙන් කල්කුඩා මත්පැන් ස්කාගාරයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට ජනපතිවරයා ඇතුළු රජය කඩිනමින් පියවර ගත යුතු යැයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top