එ.ජා. නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ කාල සටහන සැකසීමට දෙ.ජා.ස. තීරණය කරයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජිත නිර්දේශයන් ලබාදී ඇති වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි පිළිබඳ කාල සටහනක් සැකසීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තාවේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා දින පාර්ලිමෙන්තුවේ පැවැති කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස තීරණය කර ඇති බවත්, සැකසීමට නියමිත කාල සටහන රජයට හා ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදීමට ද තීරණය කළ බවද වාර්තාවේ.

තවද උතුරේ පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර ගැන ජනාධිපති හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද ඉකුත් රැස්වීමේදී තීරණය කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top