SRILANKAN NEWS

තවත් මාස කිහිපයකින් දූෂණ වංචා තොරතුරු රටට හෙළි කරනවා – රාජිත සේනාරත්න

සුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියලු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබැතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය පසුගිය (08) වනදා විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය 7 වැනි දා ඉදිරිපත් කළ යෝජනා 04 රජයේ යෝජනා බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව ද හෙතෙම පවසා තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව එම යෝජනා ක්‍රීයාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.