SRILANKAN NEWS

ඇමරිකාව හිටපු කොටි සාමාජිකයන්ට වෛද්‍ය පරීක්‍ෂණ සිදු කිරීම ප්‍රතික්‍ෂේප කරයි..

GTN SPECIAL NEWS 03හිටපු කොටි සාමාජිකයන්ට වෛද්‍ය පරීක්‍ෂණ සිදු කිරීම ඇමරිකානු තානාපති කාර්‍යාලය විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවට, තමන්ට දැනුවත් කර ඇතැයි හිටපු කොටි සාමාජික හා ප්‍රජාතාන්තික සටන්කාමීන් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක තුලසි පවසයි.

මාධ්‍යකට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

යාපනයේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයන්ව වෛද්‍ය පරීක්‍ෂණය කිරීමට සූදානම් බව උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා පවසා තිබුණි.

අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා දින අපි මහ ඇමැති කාර්‍යාලයට ගොස් අපගේ තොරතුරු ලියාපදිංචි කළෙමු. පහුවදා සිකුරාදා දින යාපනය, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුල්ලතීව් ප්‍රදේශවලින් හිටපු කොටි සාමාජිකයන් 25 දෙනෙකු ද මහ ඇමැති කාර්‍යාලයට පැමිණ සිටියෝය.

පෙරවරු නවයේ සිට අපි එහි රැඳී සිටි නමුත් පස්වරු 2 දක්වා අපට කිසිඳු පිළිතුරක් ලබා නොදුන් හෙයින් දුරකථනයෙන් අදාල පිරිස අමතා මේ ගැන විමසූ විට, හිටපු කොටි සාමාජිකයන්ට වෛද්‍ය පරීක්‍ෂණ සිදු කිරීමට ඇමරිකානු තානාපති කාර්‍යාලය ප්‍රතිකෙ;ෂ්ප කර ඇති බවත්, යාපනයට පැමිණ සිටින ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් පිරිස පරීක්‍ෂණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ගෙනවිත් නොමැති බව ද පැවැසූහ.

හිටපු කොටි සාමාජිකයන් අභිරහස් ලෙස මරණයට පත්වන අතර, ඔවුන්ව පෙන්වා උතුර නැගෙනහිර දේශපාලකයන් සිය දේශපාලනය පවත්වාගෙන යන තත්වයක් තිබෙන බව තුලසි වැඩිදුරටත් පවසා තිබේ.