ජනපතිගේ ගැසට් නිවේදනයට එරෙහිව මරිච්චිකට්ටි ප්‍රදේශවාසීන් අද 14වන දිනටත් විරෝධතාවක..

ජනාධිපතිගේ ගැසට් නිවේදනය හෙළා දැක මරිච්චිකට්ටි ප්‍රදේශයේ දී අද 14 වන දිනටත් විරෝධතාවය පැවැත්වේ. අද දින විරෝධතාවයට පුත්තලම් දිස්ත්‍රික්ක සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රිප්කාන් පදියුදීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත බව පැවැසේ.

තවද ඉකුත් ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් මෙම විරෝධතා ව්‍යාපාරනය පවත්වාගෙන යන බවත්, එයට දේශපාලකයන් සියළු දෙනා පක්‍ෂ භේදයකින් තොරව තමන්ට සහාය ලබාදිය යුතු යැයි එම ජනතාව ඉල්ලා තිබේ.

විල්පත්තු අභයභූමියෙන් උතුරු පළාතට පිහිටි වනාන්තර ප්‍රදේශය රක්ෂිත කලාපයක් ලෙසට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරණ මෙන් ඉල්ලා මන්නාරමේ විල්පත්තු අවට සියලුම ගම් වැසියන් එක්ව මෙලෙස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top