සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පෙරවරුවේදී පිළිගැන්වීය. ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවීන්න මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල යන මහත්වරුන් අතිනි.
අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සදහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුඑ මැතිඇමතිවරුන් සහභාගී වූහ.