ඇමරිකාවේ සිඳුවූ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

ඇමරිකාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු තුවාල ලබා තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ, කැලිෆෝනියාවේ සැන් බර්නැන්ඩියෝහි ප්‍රාථමික පාසලකදී ය.

පාසල ඇතුළු වූ සැකකරු පන්ති කාමරය තුළ උගන්වමින් සිටි ගුරුවරියට වෙඩි තබා ඇති අතර එහිදී ඇය පිටුපසින් සිටි දරුවන් දෙදෙනාට ද වෙඩි වැදී තිබේ. ගුරුවරිය එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබූ පුද්ගලයා මිය ගිය ගුරුවරියගේ සැමියා වන බවත් මාස කිහිපයකට පෙර ඔවුන් විවාවහ වී ඇති බව ද වාර්තාවේ. වෙඩි තැබූ පුද්ගලයාද වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top