බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ කමිටු වාර්තාව අවසන්

කළුතර දී බන්ධනාගාර බස්රථ දෙකකට වෙඩි තැබීමේ සිද්ධියේ කමිටු වාර්තාව මේ වන විට සකස්කර අවසන් කර ඇති බව වාර්තාවේ. ඉදිරි දින කිහිපය තුළ එය විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතයි.

පසුගිය පෙබරවාරි 27වනදා කළුතර එතනමඩළ ප්‍රදේශයේදී රැදවූවන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස්රථ දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයන් ඇතුළු පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු අමාත්‍යාංශය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් එම කමිටුව පැවැත්වු විමර්ශනවලින් අනතුරුව අදාළ වාර්තාව මේ වන විට සකස්කර ඇති බවයි එහි සාමාජිකයින් දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top