නුවරඑලිය දිස්ත්‍රක්කයේ දිගු කලක් තිස්සේ අඩුපාඩුවක් ලෙස පැවැති ජාතික පාසලක් ඉදි කිරීම සඳහා වූ මූලික කටයුතු ආරම්භ කර තිබේ. වතුකර සිසුන් සඳහා මධ්‍යම පළාතට තිබෙන්නේ ජාතික පාසල් හයක් පමණි.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නුවර මාබෙරිතැන්න, නුවරඑලිය දිස්ත්‍රික්කයේ නානුඕය, සහ රත්නපුර දිස්ත්‍රක්කයේ දී සියළු පහසුකම් සහිත ජාතික පාසල් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
අධ්‍යාපන රාජ්‍ය ඇමැති වේ. රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජාතික පාසල නානුඕය එඩින්බරෝ වතුකරයේ ඉදිකිරීමට මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, මේ සඳහා කැලණිවැලි වතුකර ආයතනය විසින් අක්කර පහක ඉඩමක් ලබාදීමට ඉදිරිපත් වි ඇති බවද පැවැසේ.
Add Comment