පීඩාවට පත්වූ ජනතාවට යුක්තිය ලබා දෙන්නේ නම් එහි සාර්ථකත්වය ලබාගත හැකි වන්නේ ජාත්‍යන්තර අධිකරණයකින් පමණක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි.
යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ යෝජනාව ශ්‍රී ලංකාවේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අයුරින් තිබෙන බවත් එය පීඩාවට පත්වූ ජනතාවට වගවීම උදෙසා ඉදිරිපත් කළ යෝජනාවක් නොවන බවද හෙතෙම පවසා සිටියේය.
තවද පීඩාවට පත්වූ ජනතාව යුක්තිය ලැබීම නම් එය ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් හරහා පමණයි ලබාගත හැකි බවත්, එය ආරක්ෂක සභාවට ගෙන ගොස් ඒ හරහා ජාත්‍යන්තර අධිකරණයට යැවීම තුළින් දෙමළ ජනතාවට යුක්තිය ලබාදිය හැකි බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment