මුල්ලතීව් කේප්පාපිලවු ගම්මානයේ ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අදට දින 43ක් තිස්සේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති.
පසුගිය මස පළමුවනදා කේප්පාපිලවු පිහිටි මුල්ලතිව් හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කූඩාරම් දමා ඔවුන් මෙලෙස විරෝධතාවය ආරම්භ කර තිබුණි.
මෙවැනි තත්වයකදී අද දින 43ක් අවසන් වූ නමුත් මෙතෙක් රජය විසින් කිසිඳු නිළ ප්‍රතිචාරයක් ලබාදී නැති බව එම ජනතාව පවසා තිබේ. දිස්ත්‍රික්ක ලේකම්වරයා හෝ ප්‍රාදේශිය ලේකම්වරයා මෙතෙක් තමන් ගැන සොයා බලා නැති බවත්, රජයේ ප්‍රකාශයක් ලෙස දිස්ත්‍රික්ක ලේකම්වරයා තමන්ට කිසිවක් ලබාදී නැති බවද පවසා තිබේ.
මෙවැනි තත්වයකදී ඊයේ දින මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට ගිය ඔවුන් තම විරෝධතා ව්‍යාපාරයට රජය විසින් මෙතෙක් ලබාදී ඇති විසඳුම කුමක් දැයි ප්‍රශ්ණ කළ අතර, කඩිනමින් යහපත් විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සන්දේශයක් ද භාරදී තිබේ.