SRILANKAN NEWS

මීතොටමුල්ල විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

විපතට පත් ජනතාවට සහන සැළසිම පිළිබඳ ඊයේ (16) දින ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව පවසා තිබේ.

විපතට පත්වූ ජනතාවගේ නිවාසවල ඇති භාණ්ඩවල ආරක්ෂාව, එම ජනතාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයාදීම, ආපදාවට ලක්වූ පවුල් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීම, ජනතාවට සහන සැළසිමට සහ නැවත පදිංචි කිරීම් සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.