පේරාදෙණිය විශ්වවිද්‍යාලය 18දා යළි විවෘත කරයි..

උණ රෝගය පැතිරයාම හේතුවෙන් වසාදමන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලබන 18 වනදා සිට අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප්‍රේල් මස 17 වන දින අදාළ නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවයි.

කෙසේ වුවද අවුරුදු නිවාඩුවෙන් පසුව නැවත විවෘත කිරීම සඳහා එක් එක් පීඨ විසින් මුලින් තීරණය කරන ලද දිනයන්හි වෙනසක් නොවන බව උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ පසුගිය 04 වනදා සිට වසාදමා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top