SRILANKAN NEWS

පිල්ලයාන් යළි රිමාන්ඩ්

නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු එම්.අයි.එම්.රිස්වි මහතා අද (17) නියෝග කර තිබේ.

අද උදෑසන ඔහු මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන අප්‍රේල් 28 වන දින තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා රිමාන්ඩ් ගත කරනු ලැබුවේ 36 වැනි වතාවට යි.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.