ඉඩම් නිදහස් කිරීම ගැන දෙ.ජා.ස. හා හමුදාව අතර සාකච්ඡාවක්

ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානය හා හමුදාව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයන් කණ්ඩායමක් එයට සහභාගි වී තිබේ.

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටියාරච්චි, ත්‍රිවිඨ හමුදා නිළධාරින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

ජනාධිපති හෝ ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුව ඉඩම් නිදහස් කිරීමට සූදානම් බව හමුදාව එහිදී පවසා සිටි බවත්, ආරක්‍ෂක අවශ්‍යතාවලට අවශ්‍ය නොවන සියළු ඉඩම් නිදහස් කිරීමට සූදානම් බව හමුදාව පැවැසූ බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top