මීතොටමුල්ල සිදුවීම ගැන වියට්නාමය සිය සංවේගය පළ කරයි..

මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පවසා තිබේ.

මේ සංවේගී අවස්ථාවේ වියට්නාම් ජනතාව සහ රජය හදවතින්ම ශ්‍රී ලංකාව සමග එකට එක්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අදහස් දක්වමින් වියට්නාම් ජනාධිපතිවරයා සහ කොමියුනිස්ට් පක්‍ෂ මහලේකම්වරයා පවසා තිබේ.

එවැනි ඛේදවාචකයන් අනාගතයේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමේ දී යම් සහයයක් අවශ්‍ය වෙතොත් එය ලබා දීමට තමන් සූදානම් බව ද ඔව්හු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top