SRILANKAN NEWS

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 230ක්

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම සියයට විසිපහකින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. සිංහල , දෙමළ අලුත් අවුරුදු සමය ආරම්භයත් සමග ජනතාව වැඩි වශයෙන් ගමනාගමන කටයුතු සඳහා අධිවේගී මාර්ග භාවිත කර ඇති බව පැවැසේ.

පසුගිය 7 වනදා සිට ඊයේ දිනය දක්වා ගත වූ කාලය තුළ අධිවේගී මාර්ගවලින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 230ක් වන අතර, ඊයේ දිනයේදි ද වැඩි වශයෙන් අධිවේගී මාර්ග තුළ රථ වාහන ධාවනය සිදුවූ බව ද වාර්තාවේ.