අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය, අදට දින 58යි

අතුරුදන්වූ තම ඥාතීන් සම්බන්‍ධයෙන් රජය කිසිඳු පිළිතුරක් ලබාදී නොමැති තත්වයක අදට 58 වන දිනටත් සිය විරෝධතා ව්‍යාපාරයේ නිරත සිටිති.

අතුරුදන්වූ තම ඥාතීන් සම්බන්‍ධයෙන් යහපාලන රජය පැමිණ වසර දෙකක් අවසන් වූ නමුත් කිසිඳු පිළිතුරක් ලබාදී නැති බවත්, තම ඥාතීන්ව රඳවා තබා ඇති රහසිගත කඳවුරු නිරීක්‍ෂණය කිරීමට අවසර ලබාදිය යුතු බවත්, තම ඥාතීන් පිළිබඳව නිසි පිළිතුරක් ලබාදිය යුතු යැයි පවසා කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අද 58වන දිනටත් පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top