උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

තවදුරටත් මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව පවසනවා.

එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හැන් සොන් යොල් බී බී සී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ සතිපතා, මාසිකව සහ වාර්ෂික පදනම් යටතේ සිය මිසයිල අත්හදා බැලීම් ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන බවයි.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අමෙරිකාව ඉකුත්දා අනතුරු ඇඟවීමක් සිදු කළා.

අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රකාශ කළේ අමෙරිකාවේ ඉවසීමේ යුගය අවසන්ව ඇති බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය සිදු කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top