SRILANKAN NEWS

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙයි..

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් ඊයේ (17) පස්වරුවේ මෙම වාර්තාව බාරදී ඇති අතර කේ.ජි.එම්.පි. නැමැති ජාත්‍යන්තර සමාගමක් විසින් මෙම වාර්තාව සකස් කර ඇත.

දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් 40ක පමණ මිල ගණන් නියැදියක් ලෙස ගෙන අදාළ වාර්තාව සකස් කර ඇති අතර රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ මිල ගණන් රසායනාගාර සේවා සහ අනෙකුත් පර්යේෂණවල ගාස්තු පිළිබදව පරාසයන් මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල නියාමනය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සදහන් කර ඇත.