SRILANKAN NEWS

මීතොටමුල්ලේ කුණු ගෙන ඒමට බොරුපන හා දොම්පේ ප්‍රදේශවාසීන් විරෝධය පළ කරයි..

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු කොළඹ නාගරික සීමාව තුළ එකතුවන කැළි කසල වලින් මෙට්රික් ටොන් 350ක ප්‍රමාණයක් කරදියාන කසළ රදවනය වෙත යැවීමට කැස්බෑව මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.

කොළඹ මහ නගර සභාව මගින් කරන ලද ඉල්ලීමකට අනුව අක්කර 37ක භූමි භාගයකින් යුත් මෙම කසල රඳවනය වෙත මේ මස 28 වන දින දක්වා කැලි කසල එකතු කරන ලෙසට කැස්බෑව මහේස්ත්‍රාත් වරයා නියෝගය කර තිබේ. එහෙත් එම නියෝගයට එරෙහිව වේරහැර රත්මාලන ප‍්‍රධාන මාර්ගය බොරුපන පාලම අසලින් අවහිර කරමින් ප‍්‍රදේශවාසීන් අද (19) විරෝධතාවක නිරත විය.

මේ අතර, කොළඹ එකතුවන කුණු දොම්පෙ ප්‍රාදේශීය සභාව සතු කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට ගෙන ඒමට තීරණය කර ඇති අතර එයට විරුද්ධව දොම්පෙ ජනතාව කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්‌ථානයට යන පාර අවහිර කරමින් උද්ඝෝෂණයක්‌ පවත්වා තිබේ.