SRILANKAN NEWS

පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්

පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වත්මන් රජය නීරෝගීමත්, සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් රටට දායාද කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් දූම්වැටියෙන් මුදවා ගැනීමේ අරමුණින් පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට පියවර ගැනීම පෙන්වා දිය හැකියි. ඒ සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට මේ වනවිටත් යොමු කර තිබෙනවා.”

“රජය මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් දූම්වැටි නිවාරණයට හා දූම්වැටි විකිණිම අධෛර්යට පත් කිරීමට කටයුතු කරනු කරනු ලබනවා. මේ වනවිට තරුණ පරම්පරාව දූම්වැටි භාවිතයෙන් ඉවත්වෙමින් පවතිනවා. එවැනි අවස්ථාවක දූම්කොළ සමාගම්වල උකුසු ඇස පාසල් දරුවන් කෙරෙහි යොමු වී තිබෙනවා. පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකීණීම තහනම් කිරීම තුළින් පාසල් දරුවන් ඉන් මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.