ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණය වහාම වැළැක්වීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එලඹීමට ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
ඛණිජ තෙල් ක්ෂේත්‍රයෙ පවතින ගැටලු වලට විසදුමක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉංදියාවට ලබා දීමට රජය තීරණය කිරීමත් සමඟ පැනනැගී ඇති ගැටළු පිළිබඳ විසඳුම් ලෙස ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන ලද නමුත්, එම යෝජනා වලිය මේ දක්වා ක්‍රියාත්මක නොකර තෙල් ටැංකි ඉංදියාවට දීමට රජය ගෙන ඇති තීරනයට එරෙහිව එම සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
එම ක්‍රියාමාර්ග පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්චාවක් අද (19) දින කොළඹදී පැවැත්වීමට නියමිත බව පැවැසේ.
Add Comment