SRILANKAN NEWS

ශ්‍රී ලංකාවේ ධීවර සංවර්ධනය සඳහා වියට්නාමයෙන් තාක්‍ෂණික සහය

ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් සංවර්ධනය සඳහා වියට්නාමයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයාගේ වියට්නාම නිල සංචාරයට එක්වූ ධීවර අමාත්‍යවරයා එරට ධීවර බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හා ජල ජීවී වගා කර්මාන්තය සංවර්ධනය සඳහා තාක්ෂණික සහය ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ස‍ඳහන් වේ.

මහින්ද අමරවීර මහතා වියට්නාමයේ ජල ජීවී වගා කර්මාන්තය සම්බන්ධයෙන් අධ්‍යයන චාරිකාවකට එක්ව ඇති අතර එරට අපනයනය සඳහා වගා කරන මත්ස්‍ය විශේෂයක් වන පැන්ජිසස් නැමැති මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේ වගා කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ. මෙම මත්ස්‍ය විශේෂය අපනයනයේදී කිලෝ ග්‍රෑමයක් රුපියල් 3000ක් පමණ වන අතර යුරෝපීය රට වල මේ සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි.